අධ්‍යාපන ප්‍රතිසංස්කරන

--

අධ්‍යාපන ප්‍රතිසංස්කරන සදහා ජනතාවගේ අදහස් ලබා ගැනීමට උත්සුක වීම ගැන රජයටත්, අධ්‍යාපන බලධරින්ටත්
මගේ හර්ධ්‍යන්ගම ස්තුතිය පල කරමි.

ප්‍රථමයෙන් කිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගුවත් ඒවා ක්‍රියාත්මක කරීමේ වගකීම ගුරුවරයා මත පැවරෙන බවින් ඔවුන්ගේ
රැකියාවන් ලැබෙන තෘප්තිය පිලිබඳ අවදානය ලක්කිරීම අනිවාර්ය බව සඳහන් කිරීමට කැමැත්තෙමි. රටට පලදැයි ළමුන් තැනීමට බුද්ධිමත්, රට ගැන දිගුකාලින දැක්මක් ඇති, පලදායි ලෙස සිය හැඟීම් මෙහෙය විය හැකි ගුරුවරු බිහිකිරීම අනිවාර්ය වේ. රටේ උසස් අද්ධ්‍යපනයෙන් බිහිවෙන දැක්මක් ඇති පිරිස පමණක් ඉහලම වැටුම් තලයකින් ගුරු සේවයට බඳවා ගැනිම අනිවාර්ය බව මා මෙහිදී අවදාරණය කිරීමට කැමැත්තෙමි. මෙය දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට විශ්ව විද්‍යාල දක්වා අනිවාර්ය විය යුතුය.

කෙටිකාලීනව ගරු විද්‍යාල විශ්ව විද්යාල වලට අනුබද්ධ කිරීම, ගුරුවරු සඳහා නොකඩවා වර්ධනය (continous improvement) වීමට පැවරුම් හා තව දුරටත් අධ්‍යාපනය වැටුප වරධක ලෙස හඳුන්වා දීම, සිසු දරුවන්ගේ ප්‍රගතිය මත අමතර දීමන ලබා දීම, දුෂ්කර සේවය සඳහා පෞද්ගලික ප්‍රවාහන හා නවාතැන් පහසුකම් සැපයීම ඉතාම කලොචිත යයි හැගේ. ගුරුවරුන්ගේ කාර්ය ඉටු කරනවද් යන්න පරීක්ශා කරීමට දැනට බාවිතා වන දීර්ග සටහන් ක්‍රම අවම කර වෙනත් තාක්ෂණික ක්‍රම ආදේශ කර ගත හැක.

අධ්‍යාපන කරමයේ ඇති ප්‍රධානතම අඩුපාඩුව රටට පලදැයි, එකමුතු , විනයවත් හා ධනාත්මක සිසු පරපුරක් බිහි නොවීමයි.
අබාධිත දරුවන්ද ඇතුළුව දරුවන්ගේ හැකියාවන් විවිධ වන අතර ඔවුන් හැකි මට්ටමට අධ්‍යාපනය ලබා ගත හැකි, (බලෙන් ලබා දීම නොවේ) , ඉන් පසු වල්මත් නොවී කිසියම් වුර්තියකට සුදුසුකම් සහිතව ඇතුලත්ව රටට සේවය කිරීමට අවස්ථාව සලසා දීම අධ්‍යාපනයේ පරම අරමුණ විය යුතුය.

මේ අරමුණු සාර්ථක වීමට ප්‍රථමික අධ්‍යාපනය ඉතා විදිමත් විය යුතු අතර විවිධ පවුල් පසුබිම් වලින් පැමිණන දරුවන් ශ්‍රී ලාංකිකයන් ලෙස සමාජයට පලදායි දායක කිරීමට සම පාසලක්ම සමත් විය යුතුය. පෙර පාසල් අධ්‍යාපනය (දිවා සුරැකුම් මධ්‍යස්ථානය) අනිවාර්යෙන් ඉතාම විදිමත් කල යුතුය. ළමා මනෝ විද්‍යාව හැදෑරුවන් පෙර පරලේ උගැන්වි නමි වඩාත් සුදුසුය. හසුරු කුසලතා, පරිසරය , සමාජය සමග කටයුතු කිරීම , විනය හා කතා කරීමේ හැකියාව මෙහි ප්‍රධාන තැනක් ගත යුතුය. පෙර පාසැල ජාති බේදයක් නොමැති තැනක් කිරීම පහසුය.

දැනට ආගමික පසුබිම,ගැහැණු පිරිමි,ජාතික විජාතික හා ආධි කත්රුන්ගේ නම් වලින් බෙදී ඇති පාසල් එයින් ක්‍රමික මුදවා ගැනීම අත්යවශ බව මට හැගේ. පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයේ අධ්‍යාපන විෂය නිදේශයෙන් පිට කිසිදු අධ්‍යපනයක් කරීමට ඉඩ කඩ නොතිබිය යුතුය. පාසලේ අධ්‍යාපනය ඉහල පෞර්ශතාවයක් ඇති සිසුන් බිහිකර විභාග ක්‍රමයෙන් පමණක් ඔවුන්ගෙ ඉල්ලක වලට යාමේ හැකියාව ඉවත් කරයි නම්, පෞද්ගලික අධ්‍යාපනයට ඇති ඉල්ලුම ඉබේම අඩු වී යයි. ගුරු වරු ඉදිරියේ කරන පැවරුම් මගින් අවබෝධය මැනීම මෙයට ඉතාම අවශ්‍ය වේ.

සිය ආගමික ච්න්තයට සකස් කිරීම ඉරිදා දහම් පාසලේ ප්‍රමුක වගකීම වන අතර එහි පැවරුම් හා විභාග හැකි තරම් අවම කර ධරමයේ හැසිරීමට උපරිම අවශතාව සැකසිය යුතුය ශ්‍රී ලාංකිකයන් තැනීමට එයාම ප්‍රාණවත් යයි මට හැගේ .

තම කැමති කළා කටයුතු වල යෙදවීම කුඩා කල කල යුතු අතර එය ඔහුගේ හැගීම් පාලනයට පසු කාලීනව ඉවහල් වේ.

ප්‍රථමික අංශයේදී විනය, සමාජ හැසිරීම් හා ක්‍රීඩා , කලාව, කියවීම, සිංහල ඉංග්‍රීසි දෙමල භාෂා කථනය, සියලු ආගමික වලට හඳුනවදීම, හසුරු කුසලතාවය හා පරිසර නිරික්ෂනය ළමයාට ඉගෙන ගැනීමට අවස්තා සලසා දිය යුතුය. ගුරුවරයා සංවාද ශිලිව ඉගැනීම කල යුතු අතර කිසිඳු අවස්ථාවක ළමයාගේ පෞර්ෂයට හානි කල යුතු නොවේ. තනි ගුරුවරයකුට ඇති ළමුන් ප්‍රමානය ඒ ගුරුවරයාට සෑම ළමයකු ගැනම අවදානය යොමු කල හැකි වීම අනිවාර්ය වේ.

දුතිය අධ්‍යාපනය ළමයාගේ හැකියාවන් අනුව කැමති ශේස්තරයක ඉදිරියට යාමට අවකාශය තිබිය යුතුය, උසස්පෙළ දක්වා සැමට එකම අධ්‍යාපනය ලබා දීම කාලය අපතේ හැරීමක් හා ඔවුන් පාසලෙන් මග හැරීමට හොද පසුබිමක් සපයයි. තාක්ෂණික,කෘෂිකර්ම, සංචාරක,ගෘහ නිර්මාණ ආශ්‍රත තාක්ෂනය, නිර්මනාත්මක කාළා , සන්නිවේදනය හා මාධ්‍ය හැසිරීම වැනි ශේෂත්‍ර ළමයට තෝරාගෙන ඉගැනීම හැකි විය යුතුය

මෙහිදී සියලුම ආගම් ඉගනීමට අමතරව, ඉතිහාසය , සමාජ හැසිරීම්, සන්නිවේදනය යනුවෙන් පොදු විෂයයන් තිබිම ප්‍රමාණවත් ය. ඉතිහාසය වැනි විෂයක් ප්‍රදේශයේ පවතින පුරාවස්තු අධ්‍යන ප්‍රයෝගිකව යොමු කර වියපෘති හා ඉදිරිපත් කිරීම මගින් ප්‍රගතිය මැනිය යුතුය.බස ඉගැනිමේදී බසේ අතීත විකාශය පිබදවත්, ඉතිහාසය දැනුම මැනීමේදී කිරීමේදී ඉතිහාසයේ එසේ වීමට හේතු ප්‍රගතිය මැනීමට යොදා ගැනීමෙන් කටපාඩම් කරන අවබෝදයක් නොමැති ජාතියක් බිහි නොවනු ඇත.

සමාජ හැසිරීම් විෂය ඉතාම වැදගත් වේ. මෙහිදී දරුවාගේ පෞර්ෂ වර්ධනයත්, සුවධීනව සිතීමටත් , විනය හැඩගැසිමත් හා දැනට පවතින ක්‍රමය හොඳින් අවබෝද කරගත් ළමයකු නිර්මානයත් ඉතා අවශ්‍ය වේ. මෙහි බොහෝ ක්‍රියාකාරකම් පාසලෙන් බැහැරව සිදී කල යුතු අතර , හැඟීම් වට ප්‍රතිචාර දැකීම , ලිංගිකත්වය හා ලිංගික අතවර්යකදී ක්‍රියාකළ යුතු ආකාරය හඳුන්වා දිය යුතුය. ලමුනව පොදු ප්‍රවාහන සේවා මගින් රජය ආයතන, රෝහල වල සායන ( ලිංගික හා මානසික ) , පොලිසියට රැගෙන ගිය යුතු අතර තනිව සේවා සපයා ගන්න අයුරු පෙන්විය යුතුය. සමාජ ක්‍රියාකාරකම් යහපත් හා අයහපත් ලෙසේ සිදුකරන බලපෑම ගැන අවබෝදයෙන් සිතීමට යොමු කිරිමෙනේ ළමයකුගෙන් සමාජයට සිදුවන අයහපත් බලපෑම් අඩුකර ගත හැක.

ප්‍රදේශය පවතින කර්මාන්ත වලට හඳුන්වා දිය යුතු අතර මෙම කර්මාන්ත වලට තාවකාලික පදනම මත ස්වේච්චාවෙන් වැඩ කරීම මෙවැනි විෂයක පැවරුම ලෙස සකස් කල හැක. මෙමගින් සමාජ ක්‍රමයට බද්ධ වූ පලදායි දරුවකු බිහිවීම අනිවාර්ය සිදු වේ.

සන්නිවේදනය විෂය සාර්ථකව තම මතය එළිදැක්වීමට තොරතුර තාක්ෂනය බාවිතයටත්,වඩාත් නිවැරදි දත්ත හඳුනාගැනීමටත්, මාධ්‍ය වල හැසිරීමත්, තමන් ඉගෙනන් ගන්න ශේෂ්ත්රයට තොරතුර තාක්ෂනය බාවිතා කර තවත් වර්ධනය කිරීමත් ,තමුන් තොරතුරු පල කරීමේදී සැලකිය යුත් ආචාර්යධර්මත් ඇතුලත් වී තිබිම වැදගත්ය. ප්‍රයෝගික පැවරුම් මඟින් විෂයේ ලකුණ ලබා දිය යුතුය.

දුතිය අද්යාපන හැකියාව මඟින් ඉදිරියට යාමට කැමති සිසුනට වෘත්තීය පුහුනු පාඨමාලා සුලබව තිබිය යුතු අතර පාඨමාලා සම්පුර්න කිරීමට අදාල ශේෂ්ත්‍රයේ ආයතනයක පලපුරුද්ද ලබා ගැනීම අනිවාර්ය වේ. සිසුවාට වුර්තියම මගපෙන්වීම් පෞද්ගලිකව ලබා ගැනීමට සැම පාසලකම වුර්තිය ශේෂ්ත්‍ර සම්බන්ද කල හැකි ගුරුවරයෙකු සිටීම ඉතාම වැදගත්ය . බොහෝ උගත් පිරිසක් ගෘහනියන් ලේස රට ආර්ථිකයට පලදායි නොවන ජීවන රටාවකට හුරු වීම වැලක් වීමට නම්යශීලී (flexible) ස්වයං රැකියා වලට අවශ්‍ය වෘත්තීය පුහුනු පාඨමාලා ඇතුලත් විය යුතුය. මේ පාඨමාලා වල සම්පත් හා මුල්‍යමය කළමනාකරණය පර්යෝගිකව පේනවා ඉගැන්විය යුතුය.

විනය විරෝදී ක්‍රියාවකදී දඩුවන් පැමිණ වීම පොලිසියේ රාජකාරියක් කල යුතු අතර උපරිම ගුරුවරයකුට කර හැක්කේ දරුවක් පන්තියෙන් එලියට දැමීම පමණි.දරුවා ගැන පොලිසිය දැනුවත් කල යුතු අතර එවැනි දරුවන් පුන්රුත්තාපනය ගුරුවරයාගේ රාජකාරියක් නොකළ යුතුය.

පාසල් අධ්‍යාපනය නොමිලේ ලබාදෙන මුත් ඒ වැයවන වියදම පෙළ පොත් වල සඳහා කිරීමත් ,පාසල් වල ප්‍රසිද්ධ කිරීමත් මගින් වගවෙම් වටිනාකම හඳුනන සිසුන් බිහි වේ.

ආබධිත දරුවන සඳහා පමණක් රැකියා අවස්ථා සොයා දීමට පාසැල තුලම ක්‍රියා මාර්ග ගැනීම ඉතාම අවශ්‍ය වේ.

විශ්ව විද්යාල අධ්‍යාපනය රටේ පවතින ගැටළු පුළුල් දැක්මක ඇති පිරිසක් තැනීමට වෙනස කරීම අත්‍යවශ්‍ය වේ. බටහිර අද්යපන්යේ ඇති විෂ්කරනය ඔවුන්ගේ දැනට ඇති සමාජය ප්‍රගමනයට වැදගත් වුවත්, ප්ප්‍රජාතන්ත්‍රවදය තුල ද්වුණු වීමට අවශ්‍ය ආසියානු රටකට පුළුල් පරාසයක් දැකිය හැක්කන් විශ්ව විද්‍යාල තුලින් බිහි විය යුතුය.

වුර්තියමය ශේෂ්තරවල නියැලෙන සෑම දෙනාටම විශ්ව විද්‍යාල පහසුකම් පාටමාලා තිබිය යුතු අතර පෞද්ගලික විශ්ව විද්යාල රජයේ විෂයමාලාවට අනුගත විය යුතුය. දේශීය වෛද්‍ය වරයකුට හෝ දේශීය කෘෂි පර්යේෂකයකුට හෝ කළා නිර්මාණ කරුවකුට විශ්ව විද්‍යාලයකට තමා උකහා ගත දැනුම ශාස්ත්‍රීයමය ලේස ඉදිරිපත් කිරීමට විශ්ව විද්යාල පාඨමාලා සකස් කිරීම අනිවාර්ය වේ.

මේ සැම ඉගැන්විමකදී, පවරුමකදි හා විභග තුල, ලනක්වේ පර්යේෂණ වලට මුල තැනක් දිය යුතු අතර, වෙනත් රටවල පර්යේෂණ සංසන්දනය කර ඒවා ලංකාවට ගැලපීමේදී ඇතිවන ගැටළු සාකච්ඡාවට බඳුන් කල යුතුය.

විශ්ව විද්‍යාලය ඇතුලත් වීම ශිෂ්‍යත්ව ප්‍රදානයක ලෙස සැලකිය යුතු අතර පාටමාලාවේ කොටස් සම්පුර්න කිරීම මගින් ඉතිරි කොටස් වලට සුදුසුකම් ලබන ආකාරයට සැකසිය යුතුය. ශිෂ්‍යත්ව ලබා ගැනීමට ඒ පාටමාලවට අවශ්‍ය විෂය කොටස් වලට පැවරුම් හා විභාග දෙකෙන්ම ලබාගත් ලකුණ සැලකිය යුතුය. උසස් පෙළ සමත් ශිෂ්‍යත්ව නොලබන ළමයිනට කැමති විශ්ව විද්‍යාලයකට අයදුම් කර, පර්යෝගික පරීක්ෂණ සමත් වී අධ්‍යාපනික ණයක් ආධාරයෙන් ඉගනීමට අවස්ථාව ලබා දිය යුතුය. බොහොමයක් විශ්ව විද්යාල පාටමාල තුලම , එම ශේෂ්තරයේ පර්යොගිකව ආධුනිකයකු ලේස වැඩ කර ණය පියවීමට අවස්ථාව සැලසිය යුතුය.

පෞද්ගලික විශ්ව විද්යාල මගින් රටට ප්‍රයෝගික නොවන ,පුළුල් ලේස දැක්මක් ඇති නොකරන අධ්‍යාපනය ලබා දීම වහා නතර නොකළ හොත් ඒවායින් බිහි වෙන්නන් නිසා තවත් රටතුල ඝට්ටන වැඩි වීම වැළක්විය නොහැක.එලෙසම මේ හා සමාන ලේස ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහි වන්නන්ද රටට බරක වන්නන් හෝ බුද්ධි ගලනයට ලක් වේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ලබාදෙන අධ්‍යාපනය දියුණු යයි සම්මත රටවලට දැනට තිබෙන ඔවුන්ගේ පදනම තවත් ද්වුණු කරීමට අවශ්‍ය පර්යේෂණ විශ්ව විද්‍යාල වල කියා දී, අපේ කාලින ගැටලුවලට පුළුල් දැක්මක් සහිතව යෙදාවිමට අපේක්ෂා කිරීමයි.

පරම පිවිතුරු අරමණ වන ඕනෑම දැනුම පද්ධතියක් රටට ගැලපෙන්නේ දැයි බොහෝ පැතිකඩයන් ඔස්සේ විමසා බලා, වෙනස්කම් වලට භාජනය කර ක්‍රියත්මක කරීමේ හැකියාව සියලුම විශ්ව විද්‍යාල සිසුනට ලබාදිය යුතුය. පාටමාළා සඳහා ඇතුලත් වන සිසුන්ර ප්‍රමණ කරම්න් වෙනස් කර ර ටට ඉතාම අවශ්‍ය ගුරුවරු, හෙද සේවකයන්, සංවර්ධන, තන්ක්ෂණ නිලධාරින් සඳහා වැඩිපුර සිසුන් පරමානයක් ශිෂ්‍යත්ව ලබා දී රජයේ විශ්ව විද්යාල වලට ග්‍රහණය කර ගත යුතුය.

ප්‍රයෝගික පැවරුම් මගින් හා පර්යේෂණ දායකත්ව මගින් විශ්ව විදයක දරුවන් මැනිය යුතු අතර මෙය වෛද්‍ය , නීති , හෙද , ගුරු හා කාලා ශේෂ්ත්‍ර වලට ඉක්මනින් හඳුන්වා දිය යුතුය. මේ ශේෂ්ත්‍ර වල විෂයමාලාව තමාගේ ශේෂ්ත්‍ර හා ගැටෙන පරිසරයට අදාල වෙනත් ශේෂ්ත්‍ර ඇතුලත් විය යුතුය. උදාහරනයක ලෙස වෛද්‍ය , නීති ශේෂ්ත්‍ර සඳහා මානව විද්‍යාව, මනෝවිද්යාව,ඔවුන් ලබා දෙන ආර්ථික ශක්තිය හා භාෂා කුසලතාව ගත හැකිය. කළා විෂයන සඳහා තොරතුරු තාක්ෂනය , ඔවුන් ලබා දෙන ආර්ථික ශක්තිය ගත හැක.එමගින් පුළුල් දැක්මක් ඇති ශිෂයෙකු බිහි වේ.

විශ්ව විද්යාල අධ්‍යාපනය දේශපාලනයෙන් තොර විය යුතු අතර පර්යේෂණ නිර්මාණ දැනට ලංකවේ පවතින ගැටළු වලට
ප්‍රමුකතව දිය යුතුය. එවැනි නිර්මාණ ඇගයීමේදී ඉහල ලකුණු දිය යුතු අතර හැකි සැම නිර්මාණයක් ම ශාස්ත්‍රීය සඟරා වල පලකල යුතුය . විශ්ව විද්‍යාල පර්යේෂණ කටයුතු වලදී හා ඒවාට ප්‍රතිපාදන ලබා ගැනීමේදී ඒකාබද්ධව හා අන්යෝනය අවබෝධයෙන් කටයුතු කිරීමට හැකි ක්‍රමයක් සකස් කරීම යුගයේ අවශ්‍යවතාවයකි. සියලුම විධ්‍යර්ත්යන තනි තනිව පර්යේෂණ වල නොයිදී ලංකාවට වැදගත් පර්යේෂණ හදුනාගෙන වල එක එක කොටස් වලට දායක වී ළමුන් ඒ ඒ කොටස් වලට මෙහය වයි නම් ඉතා අගනේය. විශ්ව විද්‍යාල වල සිදු වන පර්යේෂණ සඳහා මාධ්‍ය මගින් ප්‍රචලිත කිරීමට ක්‍රරමයක් සකස් විය යුතුය.පර්යේෂණ දත්ත මත පදනම්ව බිහි වන නිසා රජයට ජනතාව පලදායි දිශාවට යොමු කිරීමට පර්යේෂණ බාවිතය ඉතා යෝගය වේ.

මෙම අවස්ථාව ලබා දීමට කටයුතු කල සියලු දෙනාම ඉතා අගය කරන අතර, මා අදහස ඉදිරිපත් කිරීමට ප්‍රමුඛතාවය දී ඇත. අක්ෂර වින්‍යාසයේ වැරදි ඇත්නම් ඒ ගැන සමා වන්න.

--

--